Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

19th November 2025 14:25:42 Hours

කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් අභිමංසල-2 සුවතා නිකේතනයේ සංචාරයක

කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් 2025 නොවැම්බර් මස 15 දින කඹුරුපිටිය අභිමංසල -2 සුවතා නිකේතනයේ සංචාරයක නිරත විය.

මෙම වැඩසටහන සඳහා 1 වන බලකායේ බලකාධිපති සහ කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් කේ.එච්.එම්.එස්. වික්‍රමරත්න RSP, සමඟින් එම සේවා වනිතා ශාඛාවේ සභාපතිනි සමින්දි වික්‍රමරත්න මහත්මිය සහභාගී වූහ.

මෙම සංචාරය අතරතුරදී, නේවාසික රණවිරුවන්ගේ දිගුකාලීන වෛද්‍ය අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් සභාපතිනිය විසින් රුධිරයේ ග්ලූකෝස් පරීක්ෂණ කිරීමේ පද්ධතියක් සහ පරීක්ෂණ තීරු පෞද්ගලිකව පරිත්‍යාග කරන ලදී. එසේම රණවිරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ආශිර්වාද කිරීම සඳහා ආගමික වැඩසටහනක් සහ ‍භෝජන සංග්‍රහයක් පවත්වන ලදී.

මෙම අවස්ථාවට එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් ද සහභාගි වූහ.