Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

17th November 2025 19:11:23 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකා සේවා වනිතා ශාඛාවෙන් තුන් නිවුන් දරු උපතක් වෙනුවෙන් පරිත්‍යාග වැඩසටහනක්

2 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකායේ රාජකාරි කරනු ලබන කොමිෂන් නොලත් නිලධාරියෙකුගේ භාර්යාවක් විසින් තුන් නිවුන් දරු උපතක් සිදු කළ ඇති අතර, ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකා සේවා වනිතා ශාඛාව විසින් එම බලකා පරිශ්‍රයේදී රුපියල් 20,000.00 ක මූල්‍යමය පරිත්‍යාගයක් සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාගයක් සිදුකරන ලදී.

එම බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී එච්.ජී ස්වර්ණලතා මහත්මියගේ මඟ පෙන්වීම යටතේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන්ගේ සහභාගීත්වයෙන් එම පරිත්‍යාගයන් සිදුකරන ලදී.