16th November 2025 11:33:43 Hours
ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාව සහ 4 වන කාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව එක්ව, 2025 නොවැම්බර් මස 11 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේදී සංගීත චිකිත්සක වැඩසටහනක් සාර්ථකව සංවිධානය කරන ලදී.
මෙම වැඩසටහනේ අරමුණ වූයේ එම රෙජිමේන්තුවේ හමුදා සාමාජිකයන්ගේ සහ ඔවුන්ගේ භාර්යාවන් අතර ධනාත්මක ආකල්ප, අන්‍යෝන්‍ය අවබෝධය සහ චිත්තවේගීය යහපැවැත්ම ඇති කිරීමයි. ආකල්ප සංවර්ධනය සහ ධනාත්මක චින්තනය පිළිබඳ කථිකාචාර්යවරයෙකු වන අජිත් ජයසුන්දර මහතා විසින් මෙම වැඩසටහන මෙහෙයවන ලදී.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක සහ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න RSP USP nps psc, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී වින්ද්‍යා ප්‍රේමරත්න මහත්මිය, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, නිලධාරින්, සෙසුනිලයන් සහ ඔවුන්ගේ භාර්යාවන් සහභාගී වූහ.