Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

16th November 2025 11:37:09 Hours

ශ්‍රී ලංකා වෛද්‍ය බලකා සේවා වනිතා ශාඛාවෙන් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් ළමුන් ඇගයීමේ වැඩසටහනක්

2024 වසර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වූ ශ්‍රී ලංකා වෛද්‍ය බලකායෙහි රාජකාරි කරනු ලබන හමුදා සාමාජිකයන් සහ සිවිල් සේවක මහතුන්ගේ පාසල් අධ්‍යාපනය ලබන දරුවන් 66 දෙනෙකු සඳහා පාසල් උපකරණ සහ තෑගි වවුචර් බෙදා දීමේ වැඩසටහනක් 2025 නොවැම්බර් මස 08 වන දින එම බලකා රෙජිමේන්තු මූලස්ථානයේදී පැවැත්විණි.

වැඩසටහන සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස වෛද්‍ය බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී අනුෂානි කුලතුංග මහත්මිය උත්සවයට සහභාගී වූ අතර, මෙම අවස්ථාවට එම බලකා සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් ද සහභාගි වූහ.