Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

13th November 2025 17:44:04 Hours

සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාවෙන් රුධිර පරිත්‍යාග වැඩසටහනක්

සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී ඉල්මා මජීඩ් මහත්මියගේ මඟ පෙන්වීම මත, එම බලකා සේවා වනිතා ශාඛාව විසින් බලපිටිය මූලික රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සහයෝගය මත 2025 නොවැම්බර් මස 07 වන දින යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී රුධිර පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලදී.

එහිදී නිලධාරින් සහ සෙසුනිලයන් 115 දෙනෙකු සිය රුධිරය පරිත්‍යාග කළහ.