13th November 2025 14:01:08 Hours
1 වන බලකාය විසින් 2025 නොවැම්බර් මස 7 දින මලයාලපුරම්, කිලි/තිරුරුවල්ලුවාර් ප්‍රාථමික විද්‍යාලයේදී පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.
එම වැඩසටහනේදී කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනී සමින්දි වික්‍රමරත්න මහත්මිය විසින් එම ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් අධ්‍යාපනය ලබන සිසුන් 40 දෙනෙකු වෙත අත්‍යවශ්‍ය පාසල් උපකරණ බෙදා දෙන ලදී.
එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 1 වන බලකායේ බලකාධිපති සහ කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් කේ.එච්.එම්.එස් වික්‍රමරත්න RSP සහභාගි විය.
වැඩසටහනේ කටයුතු අවසන් කරමින් එම අවස්ථාවට සහභාගි වූ සියලුම සිසුන් සහ ඔවුන්ගේ දෙමාපියන් සඳහා තේ පැන් සංග්‍රහයක් සහ දිවා ආහාරය ලබාදෙනු ලැබීය.