10th November 2025 12:47:48 Hours
ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු සේවා වනිතා ශාඛාව විසින් 2025 නොවැම්බර් මස 01 දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයක් පවත්වන ලදී.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගීවූ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජේ.එස්.බී.ඩබ්ලිව් පල්ලේකුඹුර RWP RSP ndu psc සමඟින් ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු සේවා වනිතා ශාඛාවේ සභාපතිනිය කුමාරි පල්ලේකුඹුර මහත්මිය සහභාගී වූවාය.
5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට ලෙස සමත් වූ සිසුන් 87 දෙනෙකුට, අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් A සාමාර්ථ 9 ක් ලබාගත් සිසුන් 13 දෙනෙකුට සහ අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් A සාමාර්ථ 3 ක් ලෙස විශිෂ්ට ප්‍රතිඵල ලබා ගත් සිසුන් දෙදෙනෙකු ඇතුළුව, කැපී පෙනෙන අධ්‍යයන ජයග්‍රහණ සඳහා සිසුන් 102 දෙනෙකුට උපහාර පිරිනමන ලදී.
ඊට අමතරව, උසස් පෙළ සමත් සිසුන්ගේ උසස් අධ්‍යාපනයට තවදුරටත් සහාය වීම සඳහා ටැබ්ලට් පරිගණක දෙකක් පරිත්‍යාග කරන ලදී.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් සහ ඔවුන්ගේ දරුවන් ද සහභාගී වූහ.