08th November 2025 09:42:33 Hours
ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනිය ලෙස ෂිහානි අබේවර්ධන මහත්මිය 2025 නොවැම්බර් මස 04 දින ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මූලස්ථාන සේවා වනිතා ශාඛා කාර්යාලයේදී සිය ධූරයේ රාජකාරින් භාර ගනු ලැබීය.
එහිදී, රෙජිමේන්තු මධ්‍යස්ථානයේ රාජකාරි සිදුකරනු ලබන සෙසුනිලයන් සහ සිවිල් සේවක මහතුන් ඇතුළු 10 දෙනෙකු වෙත වියළි ආහාර සලාක පාර්සල් බෙදා දෙනු ලැබීය.
මෙම අවස්ථාවට ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, නිලධාරින් සහ සෙසුනිලයන් සහභාගි වූහ.