08th November 2025 09:44:55 Hours
ඉපලෝගම විරු කැකුළු පෙර පාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගය 2025 නොවැම්බර් මස 02 දින කැකිරාව මධ්‍ය මහා විද්‍යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ස්වෙන්ද්‍රිනි දිසානායක මහත්මියගේ මඟ පෙන්වීම යටතේ පවත්වන ලද මෙම වැඩසටහන, “Become a Sea Mermaid Who Makes Waves" තේමාව යටතේ පෙර පාසල් දරුවන්ගේ නිර්මාණාත්මක කුසලතා සැමරීමට කටයුතු කළේය.
මෙම අවස්ථාවට ඉපලෝගම විරු කැකුළු පෙර පාසල භාර යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකා අනුෂානි කුලතුංග මහත්මිය සහභාගී වූවාය.
මෙම අවස්ථාවට ආරක්ෂක සේනා - වන්නි ආඥාපති මේජර් ජෙනරල් කේ.එම්.පී.එස්.බී. කුලතුංග RSP ndc psc, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයන්, දෙමාපියන් සහ ගුරුවරුන් සහභාගී වූහ.