Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

08th November 2025 09:47:16 Hours

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකා සේවා වනිතා ශාඛාවේ සමාජිකාවන් මිහිඳු සෙත් මදුරේ සංචාරයක

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී සුමංගලී පතිරවිතාන මහත්මිය එම සේවා වනිතා සාමාජිකාවන් සමඟ එක්ව 2025 නොවැම්බර් මස 01 දින, අත්තිඩිය, මිහිඳු සෙත් මදුරේ නේවාසික රණවිරුවන්ගේ සුවදුක් වීමසීමට පැමිණියාය.

එම ස්ථානයට පැමිණි සේවා වනිතා ශඛාවේ සාමාජිකාවන් නේවාසික රණවිරුවන් විසින් පිළිගැනීමෙන් අනතුරුව උත්සවයේ කටයුතු ආරම්භ විය. පසුව, එම සාමාජිකාවන් සුවතා නිකේතනයේ වාට්ටුවල අවශ්‍යතාවයන් සොයාබැලීම සඳහා සංචාරයක නිරත විය. අනතුරුව, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ අධිරිද්ම සංගීත කණ්ඩායම විසින් සංගීත වැඩසටහනතක් ද පවත්වන ලදී.

තවඳ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකා සේවා වනිතා ශාඛාව විසින් සුවතා නිකේතනයේ ප්‍රයෝජනය සඳහා රුපියල් 50,000 ක් වටිනා CFL බල්බ පරිත්‍යාග කරන ලදී. ඊට අමතරව, පොත් සහ ලිපි ද්‍රව්‍ය සහිත පාසල් බෑග් නේවාසික රණවිරුවන්ගේ දරු දැරයන් අතර බෙදා දෙන ලදී.