08th November 2025 19:06:01 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනිය ලෙස නිලංගනී සමරදිවාකර මහත්මිය විසින් 2025 නොවැම්බර් මස 07 දින එම රෙජිමේන්තු මූලස්ථානයේ පැවති උත්සවයකදී ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී.
මෙම අවස්ථාවට එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් සහභාගී වූ අතර, අලුතින් පත් වූ සභාපතිනියගේ අනාගත කාර්යභාරයන් සඳහා ඔවුන්ගේ සුබ පැතුම් එක් කළහ.