08th November 2025 19:07:51 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාව විසින් එම බලකා රෙජිමේන්තු මූලස්ථානයේ සහ 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ රාජකාරි කරනු ලබන සෙසුනිලයන්ගේ සහ සිවිල් සේවක මහතුන්ගේ පාසල් අධ්‍යාපනය ලබන දරුවන් වෙත පොත්පත් සහ අත්‍යවශ්‍ය උපකරණ බෙදාදීමේ වැඩසටහනක් 2025 ඔක්තෝබර් මස 27 දින පනාගොඩ, සේවා බලකා රෙජිමේන්තු මූලස්ථානයේදී පවත්වන ලදී.
වැඩසටහන සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී අජන්තා ද සිල්වා මහත්මිය සහභාගී වූ අතර, මෙම අවස්ථාවට භඨ කාර්ය සම්පාදක අණසක මූලස්ථාන ආඥාපති - බටහිර මේජර් ජෙනරල් එච්.ඒ.එම් ප්‍රේමරත්න ndc psc Lsc, එම බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් සහභාගි වූහ.