07th November 2025 06:41:10 Hours
විශේෂ බලකා සේවා වනිතා ශාඛාවේ වාර්ෂික සුහද හමුවට සමගාමීව 2025 ඔක්තෝබර් මස 26 දින කුරුවිට ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී වැඩසටහන් මාලාවක් පවත්වන ලදී.
එහිදී සහභාගිවූවන් සඳහා ශාරීරික හා මානසික දරා ගැනීමේ හැකියාව වැඩි දියුණු කිරීමේ යෝග අභ්‍යාස මෙන්ම කණ්ඩායම් හැගීම සහ නායකත්ව හැකියාවන් වර්ධනය කිරීම සඳහා නොයෙකුත් ත්‍රාසජනක ක්‍රියාකාරකම් ඇතුළත් වූහ.
මෙම අවස්ථාවට විශේෂ බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී හංසිකා මහලේකම් මහත්මිය, එම ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් සහභාගි වූහ.