Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

06th November 2025 13:52:10 Hours

ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාවෙන් රුධිර පරිත්‍යාග වැඩසටහනක්

ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාව විසින් මහරගම අපේක්‍ෂා රෝහල සමඟ එක්ව රුධිර පරිත්‍යාග වැඩසටහනක් එම බලකා රෙජිමේන්තු මූලස්ථානයේදී 2025 ඔක්තෝබර් මස 31 දින පවත්වන ලද අතර, එහිදී එම බලකායේ නිලධාරින් සහ සෙසුනිලයන් සිය රුධිරය පරිත්‍යාග කරන ලදී.

මෙම අවස්ථාවට යුද්ධ හමුදා ප්‍රධාන සංඥා නිලධාරි සහ ශ්‍රී ලංකා සංඥා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ජී.එල්.එස්.ඩබ්ලිව් ලියනගේ USP nps psc සමඟින් ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි අයේෂා ලියනගේ මහත්මිය ද සහභාගි විය.

එම රුධිර පරිත්‍යාග වැඩසටහනට අමතරව එහිදී, අයේෂා ලියනගේ මහත්මිය විසින් තම කර්මාන්ත ශාලාවේ නිමකරන ලද නිමි ඇඳුම් 1000 ක් ශ්‍රී ලංකා සංඥා බලකා සාමාජිකවන්ගේ පවුල්වල තරුණ ගැහැණු ළමුන් වෙත පරිත්‍යාග කරන ලදී.