Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

04th November 2025 14:56:34 Hours

යුද්ධ හමුදා පොදු සේවා බලකා සේවා වනිතා ශාඛාවෙන් ඇස් කණ්ණාඩි පරිත්‍යාග කිරීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා සේවා වනිතා ශාඛාව විසින් ජාත්‍යන්තර සිංහ සමාජයේ දිස්ත්‍රික්ක 306 D7 හි අනුග්‍රාහකත්වය ඇතිව ඇස් කණ්ණාඩි පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2025 නොවැම්බර් මස 01 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා රෙජිමේන්තු මූලස්ථානයේදී පවත්වන ලදී.

එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ කර්නල් සේනාවිධායක බ්‍රිගේඩියර් එම්.කේ.එස්.එස් ද සිල්වා සමඟින් එම බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී පී.එන්.කේ ද සිල්වා මහත්මිය ද සහභාගී වූහ.

වෛද්‍ය විශේෂඥයින් විසින් පවත්වන ලද මෙම අක්ෂි සායනයන් සඳහා එම අවස්ථාවට සහභාගීවූ සියලු අයවලුන් සහභාගී වූ අතර, එහිදී දෙමාපියන් දස දෙනෙකු සඳහා නොමිලේ ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් සඳහා යොමු කරවන ලදී.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, මහරගම සිංහ සමාජ ව්‍යාපෘති නිලධාරිනී තාමාරා දෙමටපිටිය මහත්මිය සහ සෙසුනිලයන් සහභාගී වූහ.