02nd November 2025 10:11:09 Hours
ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාව විසින් රෝගාබාධ තත්ත්වයක් හේතුවෙන් එක්තැන්ව සිටින 11 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ ඉංජිනේරු සෙබල එම්.එම්.සී ප්‍රනාන්දුගේ මවට රෝද පුටුවක් පරිත්‍යාග කරන ලදී.
මෙම පරිත්‍යාගය එම බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී අනුපමා රත්නායක මහත්මිය විසින් 2025 ඔක්තෝබර් මස 29 දින පනාගොඩ, ඉංජිනේරු සේවා රෙජිමේන්තු මූලස්ථානයේදී සිදුකරන ලදී.