02nd November 2025 10:26:07 Hours
ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාව 2025 ඔක්තෝබර් මස 11 දින මහරගම, සුචරිතෝදය ළමා/වැඩිහිටි නිවාසයේ නේවාසික ළමුන්ගේ හා වැඩිහිටියන්ගේ සුවදුක් සොයා බැලීමේ සංචාරයක නිරත විය.
මෙම සංචාරය සඳහා ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී අනුපමා රත්නායක මහත්මිය ද සහභාගි වූවාය.
එහිදී උදෑසන තේ පැන් සංග්‍රහයක් සහ දිවා ආහාරය පිරිනැමූ අතර, විනෝද ක්‍රීඩා සහ විනෝදාස්වාද ජනක ක්‍රියාකාරකම්ද පැවැත්වීය. අනතුරුව, ළමුන් සඳහා ත්‍යාග ප්‍රදානය කරන ලද අතර, එම මධ්‍යස්ථානයේ දෛනික අවශ්‍යතාවයන් සඳහා වියළි ආහාර සලාක පරිත්‍යාගයක්ද සිදුකරන ලදී. මෙම අවස්ථාවට ළමුන්, වැඩිහිටියන් සහ ආබාධිත පුද්ගලයින් ඇතුළු 100 කට ආසන්න පිරිසක් සහභාගි වූහ.
මෙම සංචාරයට එම බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.