Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

31st October 2025 16:04:51 Hours

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් නව නිවසක් ලබාදෙයි

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් ඉදිකරනු ලැබූ නව නිවසක් කෑගල්ල, නිල්වක්ක, විලගල ප්‍රදේශයේ පදිංචි සිවිල් සේවක මාරසිංහ මහතා වෙත පසුගියදා භාරදෙනු ලැබීය.

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාවේ මූල්‍යමය දායකත්වය මත 2025 මැයි මස 25 දින 4 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරිගේ අධීක්‍ෂණය යටතේ එම ඒකකයේ භටපිරිස්හි සහාය ඇතිව මෙම නිවසේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරනු ලැබීය.

නව නිවස ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක සහ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න RSP USP nps psc සමඟින් ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී වින්ද්‍යා ප්‍රේමරත්න මහත්මිය එක්ව 2025 ඔක්තෝබර් මස 22 දින ප්‍රතිලාභීන් වෙත භාර දෙන ලදී.