Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

31st October 2025 16:06:08 Hours

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාවෙන් පරිත්‍යාග වැඩසටහනක්

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාව විසින් 2025 ඔක්තෝබර් මස 25 දින පනාගොඩ එම රෙජිමේන්තු මධ්‍යස්ථාන නිලධාරි නිවස්නයේදී පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලදී.

එහිදී සිවිල් සේවක ප්‍රදීප් මහතාගේ පියාගේ වෛද්‍ය වියදම් සඳහා රුපියල් 25,000 ක චෙක්පතක් සහ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ සාමාජිකයින් සිව්දෙනෙකුගේ පාසල් අධ්‍යාපනය ලබන දරුවන් සඳහා පාසල් උපකරණ, ලිපි ද්‍රව්‍ය සහ රුපියල් 3,500 බැගින් වූ ත්‍යාග වවුචරයන් ප්‍රදානය කරන ලදී.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.