Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

30th October 2025 14:24:39 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයෙන් මූල්‍ය පරිත්‍යාග වැඩසටහනක්

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් සිදු කරනු ලබන සුභසාධන ව්‍යාපෘතිවල තවත් අදියරක් සනිටුහන් කරමින් 2025 ඔක්තෝබර් මස 24 දින සිය කාර්යාල පරිශ්‍රයේදී නව නිවාස ඉදිකිරීම සඳහා මූල්‍ය පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සමඟින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ස්වෙන්ද්‍රිනි දිසානායක මහත්මිය ද සහභාගී වූවාය.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනියගේ දැක්මට අනුකූලව, මෙම නව සුභසාධන වැඩසටහන මඟින් ආර්ථික දුෂ්කරතා ඇති සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ට සහ සිවිල් කාර්ය මණ්ඩලයට මූල්‍ය ආධාර ලබා දීමෙන් ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම අපේක්ෂා කෙරේ.

මෙම වැඩසටහන අතරතුරදී, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ගජබා රෙජිමේන්තුවේ කෝප්‍රල් එල්. පී පහළගෙදර, ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ කෝප්‍රල් ඩබ්ලිව්. බී ධර්මප්‍රිය යන යුද්ධ හමුදා සාමාජිකයන් සහ සිවිල් සේවක එච්. පී. තිලකරත්න මහාතාට රුපියල් 1,500,000.00 බැගින් නිවාස තුනක් සඳහා මූල්‍ය ප්‍රදානයන් තුනක් සිදු කරන ලදී.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් සහභාගී වූහ.