Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

30th October 2025 14:22:46 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් වැලිසර ජාතික ශ්වසන රෝග රෝහලේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භයි

සිවිල් ජනතාවගේ යහපැවැත්ම වැඩිදියුණු කිරීම සඳහා ක්‍රියාත්මක වන සුබසාධන වැඩසටහන්වල කොටසක් ලෙස, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් 2025 ඔක්තෝබර් මස 25 දින වැලිසර ප්‍රදේශයේ පිහිටි ජාතික ශ්වසන රෝග රෝහලේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරන ලදී.

ආරක්ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයේ සභාපතිනි වෛද්‍ය රසිකා පෙරේරා මහත්මියගේ සම්බන්ධීකරණයෙන් ආරම්භ කරන ලද මෙම ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ස්වෙන්ද්‍රිනි දිසානායක මහත්මියගේ මඟපෙන්වීම යටතේ සිදුකරනු ලබයි. ඒ අනුව රෝහලේ වාට්ටු අංක 06 හි ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරන ලදී.

මෙම සමාරම්භක අවස්ථාවේදී, ආරක්ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනිය සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය විසින් සුභසාධනය අරමුණු කරගත් මෙම ව්‍යාපෘතියේ ප්‍රතිසංස්කරණ කටයුතුවල නියැලී සිටින කාර්ය මණ්ඩලයට කෘතඥතාවය පළ කරමින් ඔවුන්ගේ කැපවීම අගය කරන ලදී.

මෙම ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාවට යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන්, ශ්වසන රෝග පිළිබඳ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය නිර්මලා යෝගනාදන් මහත්මිය, රෝහල් කාර්ය මණ්ඩලය, ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නිලධාරින් රැසක් සහභාගී වූහ.