25th October 2025 13:59:50 Hours
බහුවිධ වෛද්‍ය කඳවුරු මාලාවේ අටවන අදියර 2025 ඔක්තෝබර් මස 21 දින පුත්තලම දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි 58 පාබල සේනාංක මූලස්ථානයේදී පවත්වන ලදී. ආබාධිත රණවිරුවන්, යුද්ධ හමුදා ප්‍රවීනයන් සහ දිවන්ගත රණවිරුවන්ගේ ළඟම ඥාතීන් 2,000 ට ආසන්න පිරිසකට වෛද්‍ය ප්‍රතිකාර සහ ආධාර ලබා දෙන ලදී.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගිවූ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සමඟින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ස්වෙන්ද්‍රිනි දිසානායක මහත්මිය ද සහභාගී වූවාය.
මෙම වැඩසටහන අතරතුරදී, සේවා වනිතා ඒකකයේ සහයෝගයෙන් සහ කොළඹ විශාඛා විද්‍යාලයේ 88 වන කණ්ඩායමේ අනුග්‍රහයෙන් රෝද පුටු 16 ක්, කිහිලිකරු 100 ක්, ඇවිදීමේ ආධාරක 5 ක් සහ සැරයටි 5 ක් පරිත්‍යාග කරන ලදී.
මීට අමතරව, වැඩසටහන අතරතුරදී අක්ෂි සායනයක් ද පවත්වන ලද අතර, එහිදී ඇස් කණ්ණාඩි යුගල් 300 ක් බෙදා දෙන ලදී. තවද, සහභාගී වූ සියලු දෙනාටම දිවා ආහාරය ද ලබා දෙන ලදී.
මෙම අවස්ථාවට සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් රැසක් සහභාගි වූහ.