Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

23rd October 2025 11:33:11 Hours

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් මුල්ලේරියාව ජාතික මානසික විද්‍යායතනයේ නිල සංචාරයක

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනී ඉඳුනිල් ජයකොඩි මහත්මියගේ මඟ පෙන්වීම යටතේ එම සේවා වනිතා ශාඛාව 2025 ඔක්තෝබර් මස 18 දින යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය මගින් පවත්වාගෙන යනු ලබන මුල්ලේරියාව ජාතික මානසික විද්‍යායතනයේ 6 වන වාට්ටුවේ රෝගීන්ගේ සුවදුක් බැලීමේ සංචාරයක නිරත විය.

එහිදී, එම වාට්ටුවේ ප්‍රථිකාර ලබන රෝගීන් 32 නෙකු වෙත නිමි ඇඳුම් බෙදා දුන් අතර, වාට්ටුව වෙත අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ද පරිත්‍යාග කරන ලදී. අනතුරුව, රෝගීන්ට තේ පැන් සංග්‍රහයක් සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු කැලිප්සෝ සංගීත කණ්ඩායම විසින් සංගීත රසාස්වාදය ද ලබාදෙන ලදී.

ිමෙම අවස්ථාවට එම සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.