Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

23rd October 2025 09:30:34 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාවෙන් පරිත්‍යාග වැඩසටහනක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාව සහ 2(ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය එක්ව එම ඒකකයේ රාජකාරි කරනු ලබන සෙසුනිලයන්ගේ සහ සිවිල් සේවක මහතුන්ගේ දරුවන් සඳහා පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2025 ඔක්තෝබර් මස 19 දින කටුනායක එම ඒකක පරිශ්‍රයේදී සංවිධානය කරන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා විධායක ජෙනරාල් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් කේ.ටී.පී. ද සිල්වා RSP ndu psc සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී අජන්තා ද සිල්වා මහත්මිය සහභාගි වූහ.

එහිදී, 2024 වසර අ.පො.ස. (සා.පෙළ) විභාගයෙන් සහ 2025 වසර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට ලෙස සමත් වූ සිසුන්ට පොත්පත් සහ ලිපි ද්‍රව්‍ය ඇතුළු පාසල් උපාංග බෙදා දෙනු ලැබූ අතර, සිවිල් සේවක මහතුන් වෙත නිල ඇඳුම් කට්ටල ද ප්‍රදානය කරන ලදී.

මෙම අවස්ථාවට එම බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් හා සිවිල් සේවක මහතුන්ගේ ළමුන් සහභාගි වූහ.