Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

21st October 2025 14:14:09 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා සේවා වනිතා ශාඛාවෙන් මූල්‍යමය ප්‍රදානයක්

එල්ටීටීඊ ත්‍රස්ථ ප්‍රහාර හේතුවෙන් 1996 දී පරන්තන් ප්‍රදේශයේදී මෙන්ම 1999 දී වවුනියාව ප්‍රදේශයේදී සහ 2006 දී මුහමාලේ ප්‍රදේශයේදී තුන් වතාවක් තුවාල ලැබූ එම රෙජිමේන්තුවේ සිවිල් සේවක කාර්ය මණ්ඩල සාමාජිකයෙකු වන ජී. ගීත් උදය කුමාර මහතා වෙත මූල්‍යමය ප්‍රදානයක් පිරිනමන ලදී.

2025 ඔක්තෝබර් මස 13 දින දොඹගොඩ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා රෙජිමේන්තු මූලස්ථානයේ පැවති මාසික සභා රැස්වීමේදී මෙම මූල්‍යමය ප්‍රදානය පිරිනමන ලද අතර, එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එම බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී ශිරානි නිර්මලීන් විජේකෝන් මහත්මිය සහභාගි විය.

මාසික සභා රැස්වීමෙන් පසුව, සභාපතිනිය සහ සාමාජිකාවන් විසින් නිලධාරි නිවස්නය අසල පිහිටි වගා බිම් ප්‍රදේශයේ නිරීක්‍ෂණ සංචාරයක නිරත විය.