17th October 2025 16:01:14 Hours
ලෝක ළමා දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාව විසින් 2025 ඔක්තෝබර් මස 12 දින පොල්හේන්ගොඩ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී වැඩසටහනක් පවත්වන ලදී.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ යුද සේවා ලේකම් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් බී.ජී.එස් ප්‍රනාන්දු USP Hdmc psc සමඟින් එම බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී ඉරෝෂිනී ප්‍රනාන්දු මහත්මිය ද සහභාගි විය.
ළමා දින වැඩසටහන ක්‍රීඩා තරග, විනෝද ක්‍රියාකාරකම් සහ සංගීතමය රසවින්දනය යන අංගවලින් සමන්විත වූ අතර, ළමුන් සඳහා උදෑසන ආහාරයද ලබාදෙන ලදී. වැඩසටහන අවසානයේදී සහභාගි වූ ළමුන් සඳහා ත්‍යාග පාර්සල් පිරිනැමීමෙන් අනතුරුව දිවා ආහාරය ලබාදෙන ලදී.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ ඔවුන්ගේ දරුවන් සහභාගි වූහ.