Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

14th October 2025 14:36:14 Hours

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු සේවා වනිතා ශාඛාව ලෝක ළමා දිනය සමරයි

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු සේවා වනිතා ශාඛාව මගින් 2025 ඔක්තෝබර් මස 04 දින කුරුණෑගල පිහිටි රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ලෝක ළමා දිනය සමරනු ලැබිණි.

මෙම උත්සවයේදී ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ සාමාජිකයන්ගේ දරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වල් වෙනුවෙන් විනෝදාත්මක ක්‍රීඩා, සංගීත සංදර්ශන සහ විවිධ විනෝදජනක ක්‍රියාකාරකම් පවත්වන ලදී. පසුව එහිදී තෑගි බෙදා දීම ඇතුළු දරුදැරියන් සහ ඔවුන්ගේ දෙමාපියන් සඳහා විශේෂ දිවා භොජන සංග්‍රහයක් පවත්වන ලද අතර, ඊට අමතරව, එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකයන් විසින් දෙමාපියන් වෙත පොල් කිරිපිටි පැකට් බෙදා දෙන ලදි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු සේවා වනිතා ශාඛාව සභාපතිනි කුමාරි පල්ලකුඹුර මහත්මිය ඇතුළු එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගි වූහ.