Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

14th October 2025 14:37:58 Hours

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාව ලෝක ළමා දිනය සමරයි

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි වින්ධ්‍යා ප්‍රේමරත්න මහත්මියගේ මඟපෙන්වීම යටතේ 2025 ඔක්තෝබර් මස 06 දින මින්නේරිය Gunners Club හීදී ලෝක ළමා දිනය සමරනු ලැබීය.

මෙම සැමරුමට ච්ත්‍ර තරඟයක්, විනෝද ක්‍රීඩා, මැජික් සංදර්ශනයක්, ළමා ක්‍රියාකාරකම් සහ සංගීත සංදර්ශන ඇතුළත් වූ අතර, එම තරඟ සඳහා බාටා, මන්චි, මැග්නා සහ ෆොන්ටෙරා සමාගම් විසින් ලබාදෙන ලද තෑගි වවුචර් සහ පාර්සල් තරඟ සඳහා සහභාගිවන්නන් අතර බෙදා දෙන ලදී.

මෙම සැමරුමට ළමුන් 185 කට වැඩි පිරිසක් සහ දෙමාපියන් 160 කට වැඩි පිරිසක් සහභාගී වූහ.