14th October 2025 16:37:46 Hours
ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාව විසින් 2025 ඔක්තෝබර් මස 02 දින එම සේවා වනිතා ශාඛාවේ සභාපතිනි අයේෂා ලියනගේ මහත්මියගේ මඟෙපෙන්වීම යටතේ ඥානෝදය ළමා සංවර්ධන මධ්‍යස්ථානයේදී මෙවර ලෝක ළමා දිනය සමරනු ලැබීය.
ඒ අනුව එම දරුවන් සඳහා තෑගි පාර්සල් සහ ආහාර ද්‍රව්‍ය ප්‍රදානය කරන ලද අතර, පසුව සංගීත සැසියක් ද පැවැත්විණි.
මෙම අවස්ථාවට සේවා වනිතා ශාඛාවේ සාමාජකයන්, නිලධාරීන් සහ සෙසු නිලයන් පිරිසක් සහභාගී වූහ.