Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

13th October 2025 07:08:49 Hours

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාවෙන් නිවාස අවශ්‍යතා ඇති පවුලකට නිවසක්

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාව මගින් උඩත්තපොල, දොඩම්ගස්ලන්ද ප්‍රදේශයේ පදිංචි බොම්බාඩියර් ආර්.ඩී.එච්.කේ විජේරත්න සඳහා ඉදිකරන ලද නව නිවස 2025 සැප්තැම්බර් මස 28 දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG විසින්, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ස්වෙන්ද්‍රිනී දිසානායක මහත්මිය සමඟින් එක්ව ප්‍රතිලාභියා වෙත පවරා දෙන ලදී.

මෙම ව්‍යාපෘතිය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක සහ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න RSP USP nps psc මඟපෙන්වීම යටතේ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී වින්ද්‍යා ප්‍රේමරත්න මහත්මියගේ අධීක්ෂණය යටතේද සිදු කරන ලදී.

මෙම අවස්ථාවට එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් සහභාගී වූහ.