Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

13th October 2025 07:12:02 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයෙන් සෙබළුන් සහ සිවිල් සේවක කාර්ය මණ්ඩලය සඳහා සුබසාධන වැඩසටහනක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සෙබළුන්ගේ සහ සිවිල් සේවා කාර්ය මණ්ඩලයේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින්, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් සංවිධානය කළ පරිත්‍යාග වැඩසටහන 2025 ඔක්තෝබර් මස 09 දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ස්වෙන්ද්‍රිනී දිසානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි යුද්ධ හමුදා සාමාජිකයන් සඳහා නව නිවාස ආධාර සහ වෛද්‍ය අවශ්‍යතා සඳහා මූල්‍ය ආධාර මුදල ඉහළ නංවා ඇති අතර, මීට පෙර යුද්ධ හමුදා සෙබළුන්ගේ නව නිවාස සඳහා මූල්‍ය ආධාර රුපියල් 600,000.00 (ලක්ෂ 6ක්) ක් වූ අතර, අර්ධ නිවාස සඳහා රුපියල් 450,000.00 (ලක්ෂ 4.5ක්) සහ යුද්ධ හමුදාවේ සිවිල් සේවක කාර්ය මණ්ඩලය සඳහා රුපියල් 350,000.00 (ලක්ෂ 3.5ක) ක් අර්ධ නිවාස සඳහා රුපියල් 300,000.00 (ලක්ෂ 3) ප්‍රධානය කරන ලදී. නව ගාස්තු වශයෙන් යුද්ධ හමුදා සෙබළුන් වෙනුවෙන් රුපියල් 650,000.00 (ලක්ෂ 6.5ක්) දක්වාද, අර්ධ නිවාස සඳහා රුපියල් 500,000.00 (ලක්ෂ 5ක්) දක්වාද, සිවිල් සේවක කාර්ය මණ්ඩලයේ නව නිවාස වෙනුවෙන් රුපියල් 600,000.00 (ලක්ෂ 6ක්) දක්වාද අර්ධ නිවාස වෙනුවෙන් රුපියල් 450,000.00 (ලක්ෂ 4.5ක්) දක්වා ඉහළ නංවා ඇත.

මෙම වැඩසටහන ආරම්භ කරමින් ලෙස සෙබළුන් දෙදෙනෙකුට නව නිවාස වෙනුවෙන් රුපියල් 650,000.00 (ලක්ෂ 6.5) බැගින් ප්‍රදානය කරන ලද අතර, ආරක්‍ෂක පර්යේෂණ සංවර්ධන මධ්‍යස්ථානයේ සිවිල් සේවක මහතෙක් හට රුපියල් 600,000.00 (ලක්ෂ 6ක) නිවාස ආධාර මුදලක් හිමි විය.

තවද, අර්ධ වශයෙන් නිවාස නිම කළ සෙබළුන් 13 දෙනෙකුට රුපියල් 500,000.00 බැගින් (ලක්ෂ 5) අර්ධ නිවාස ආධාර සහ සිවිල් සේවකයන් 9 දෙනෙකුට රුපියල් 450,000.00 බැගින් (ලක්ෂ 4.5) අර්ධ නිවාස ආධාර ලබා දෙන ලදී.

මීට අමතරව, 17 වන බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ ලාන්ස් කෝප්‍රල් ජේ විමලසිරිගේ දියණියගේ ප්‍රතිකාර සඳහා රු. 100,000.00 (ලක්ෂ 1) ක වෛද්‍ය ආධාර ප්‍රදානයක් ලබා දෙන ලදී. එසේම වකුගඩු අකර්මණ්‍යතාවයෙන් පෙළෙන සිවිල් සේවකයෙකු වන ජේ.අයි ප්‍රශාන්ත මහතාට රු. 100,000.00 (ලක්ෂ 1) ක වෛද්‍ය ආධාර ලබා දෙන ලදී.

තවද, 6 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ සෙබළෙකුගේ අලුත උපන් දරුවන් සඳහා කිරිපිටි මිලදී ගැනීම සඳහා වසරකට රු. 96,000.00 (මසකට රු. 8,000) ක් ලබා දෙන ලදී.

මීට අමතරව, පෙර සුබසාධන වැඩසටහන් යටතේ, නව නිවාස ආධාර ලැබූ සෙබළුන් දෙදෙනෙකුට සහ සිවිල් සේවකයෙකුට අමතර නිවාස ආධාර ප්‍රදානය කරන ලදී. ඒ අනුව, නව නිවාස දෙකක් සඳහා රුපියල් 200,000.00 (ලක්ෂ 2) ක් සහ තවත් නව නිවසක් සඳහා රුපියල් 150,000 (ලක්ෂ 1.5) ක් ලබා දෙන ලදී. සොල්දාදුවන් තිදෙනෙකුට රුපියල් 150,000.00 (ලක්ෂ 1.5) බැගින් අමතර අර්ධ නිවාස ආධාර ද ලැබුණු අතර, සිවිල් සේවකයින් තිදෙනෙකුට අර්ධ නිවාස ආධාර සඳහා රුපියල් 100,000.00 (ලක්ෂ 1) බැගින් ලැබුණි.

යුද්ධ හමුදා සෙබළුන්ගේ සහ සිවිල් සේවක කාර්ය මණ්ඩලයේ සුබසාධනය වැඩිදියුණු කිරීම සඳහා සියලු නිවාස සහ වෛද්‍ය ආධාර වෙනුවෙන් රුපියල් 12,746,000.00 (මිලියන 12.7) ක මුදලක් වැය කරන ලදී.

වැඩසටහන අවසානයේදී, යුද්ධ හමුදාධිපතිතුමන් සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය ඇතුළු සියලු සහභාගී වූවන් සුහද සාකච්ඡාවක නිරත වෙමින් තේ පැන් සංග්‍රහයකට එක් වූහ.