11th October 2025 14:13:07 Hours
තිසාවැව, 3 ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ ඉදිකිරීමට යෝජිත සෙසුනිල නිවාඩු නිකේතනය ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාව විසින් රුපියල් 2,500,000.00 ක මූල්‍යමය පරිත්‍යාගයක් පිරිනමන ලදී.
එම මූල්‍යමය පරිත්‍යාගය ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී අජන්තා ද සිල්වා මහත්මිය විසින් 3 ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් එම්.එම්.ජේ.එල් දිසානායක USP Lsc වෙත 2025 සැප්තැම්බර් මස 30 දින පිරිනමන ලදී.
මෙම අවස්ථාවට එම බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් සහභාගි වූහ.