11th October 2025 13:46:45 Hours
ලෝක ළමා දිනයට සමගාමීව, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා සේවා වනිතා ශාඛාව විසින් 2025 ඔක්තෝබර් මස 05 දින මට්ටක්කුලිය, රොක් හවුස් කඳවුරේදී විශේෂ ළමා දින වැඩසටහනක් සංවිධානය කරන ලදී.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එම බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී සුමංගලී පතිරවිතාන මහත්මිය සහභාගි විය.
මෙම වැඩසටහනට සහභාගී වූ දරුවන් සඳහා විනෝද ක්‍රීඩා සහ සංගීත සැසි ඇතුළු ආකර්ෂණීය හා විනෝදාත්මක ක්‍රියාකාරකම් මාලාවක් ඇතුළත් වූ අතර, එහිදී සෑම දරුවෙකු වෙතම ත්‍යාග පිරිනමන ලදී. වැඩසටහනේ කටයුතු අවසන් කරමින් එම දරුවන් සහ ඔවුන්ගේ දෙමාපියන් සඳහා දිවා භෝජන සංග්‍රහයක් ද පිරිනැමීය.
මෙම අවස්ථාවට එම බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ ඔවුන්ගේ දරුවන් සහභාගි වූහ.