09th October 2025 14:10:37 Hours
ලෝක ළමා දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනී ඉඳුනිල් ජයකොඩි මහත්මියගේ උපදෙස් මත එම සේවා වනිතා ශාඛාව විසින් 2025 ඔක්තෝබර් මස 04 දින පිළියන්දල, SOS ළමා ගම්මානයේදී වැඩසටහනක් පවත්වන ලදී.
එම වැඩසටහන සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නියෝජ්‍ය ආරක්ෂක සේනා ආඥාපති - බටහිර සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජේ.කේ.ආර් ජයකොඩි RWP USP සහභාගි විය.
එම වැඩසටහනේදී ළමුන් සඳහා විනෝද ක්‍රියාකාරකම් හා තරඟ පැවැත්වූ අතර එහිදී එම ළමුන් සඳහා ත්‍යාග පාර්සල් සහ රසකැවිලි බෙදා දීම ද සිදුකරනු ලැබීය. එසේම, SOS ළමා ගම්මානය වෙත රුපියල් 30,000.00 ක් වටිනා ක්‍රීඩා භාණ්ඩ තොගයක් ද පරිත්‍යාග කරනු ලැබීය.
මෙම අවස්ථාවට එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් සහභාගි වූහ.