09th October 2025 14:07:43 Hours
ලෝක ළමා දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාව විසින් 2025 ඔක්තෝබර් මස 04 දින කොළඹ, ආරක්ෂක සේවා පාසල් ශ්‍රවණාගාරයේදී වැඩසටහනක් පවත්වන ලදී.
එම වැඩසටහන සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එච්.එච්.කේ.එස්.එස් හේවගේ RWP RSP USP Rcds psc සමඟින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී සචේතා හේවගේ මහත්මිය ද සහභාගි වූහ.
මෙම ළමා දින සැමරුම් උත්සවය සඳහා එම බලකායේ රාජකාරි කරනු ලබන නිලධාරින්ගේ සහ සෙසුනිලයන්ගේ දරුවන් 75 කට ආසන්න සංඛ්‍යාවක් සහභාගි වූහ. උත්සවය අතරතුර, සෑම දරුවෙකු වෙතම විශේෂ ත්‍යාග ප්‍රධානය කළ අතර, ඉන් අනතුරුව වසන්ත මොරගොඩ මහතා සහ ඔහුගේ කණ්ඩායම විසින් දරුවන් සඳහා අන්තර්ක්‍රියාකාරී සහ විනෝදාස්වාදජනක සැසියක් පවත්වනු ලැබීය.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ ඔවුන්ගේ දරුවන් සහභාගි වූහ.