Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

09th October 2025 08:36:50 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයෙන් ඇඳුම් මැසීම පිළිබඳ වැඩමුළුවක්

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් 2025 ඔක්තෝබර් මස 07 දින මැනිං ටවුන් විවාහක නිවාසයන්හි පදිංචි නිලධාරින්ගේ සහ සෙසුනිලයන්ගේ භාර්යාවන් සඳහා ස්වයං රැකියා අවස්ථාවන් ලබාදීමේ අරමුණින් ඇඳුම් මැසීම පිළිබඳ වැඩමුළුවක් සංවිධානය කරන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ස්වෙන්ද්‍රිනි දිසානායක මහත්මිය සහභාගි විය.

ෆෙස්ටල් ආයතනයේ රොෂානි ඇන්තනි මහත්මිය සහ නෙලෝනි සේනානායක මහත්මිය විසින් මෙම වැඩමුළුව මෙහෙයවන ලදී.

මෙම වැඩමුළුව අතරතුරදී, සහභාගි වූවන් සඳහා පාසල් නිල ඇඳුම් මැසීම පිළිබඳ පුහුණුවක් ද ලබා දෙන ලදී.

වැඩමුළුව අවසානයේ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය සහ කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනී සමින්දි වික්‍රමරත්න මහත්මිය විසින් රොෂානි ඇන්තනි මහත්මියගේ සහ නොලෝනි සේනානායක මහත්මියගේ දායකත්වය ඇගයිමට ලක්කරමින් සමරු තිළිණයන් ප්‍රදානය කරන ලදී.