Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

09th October 2025 08:35:04 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය නව රූපලාවණ්‍යාගාරයක් විවෘත කරයි

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් 2025 ඔක්තෝබර් මස 03 දින දියතලාව, ගැරිසන් වෙළඳ සංකීර්ණයේ නවතමයෙන් ආරම්භකරන ලද රූපලාවණ්‍යාගාරය විවෘත කරන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ස්වෙන්ද්‍රිනි දිසානායක මහත්මිය සහභාගී වූවාය.

මෙම විවෘත කිරීමේ උත්සවයේදී, සභාපතිනිය විසින් මෙම ස්ථානයෙන් ලබාදෙනු ලබන සේවාවන්හි උසස් ප්‍රමිතීන් පවත්වා ගැනීමේ වැදගත්කම අවධාරණය කරමින් කාර්ය මණ්ඩලයට අවශ්‍ය උපදෙස් ලබාදෙන ලදී.

ඉන් පසුව, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය විසින් දියතලාව විරු කැකුළු පෙර පාසලේ කටයුතු සහ 8 ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය විසින් පවත්වාගෙන යනු ලබන යෝගට් නිෂ්පාදන ව්‍යාපෘතිය නිරීක්‍ෂණය කරන ලදී.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.