08th October 2025 11:22:37 Hours
ලෝක ළමා දිනයට සමගාමීව, විජයබාහු පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් විසින් 2025 ඔක්තෝබර් මස 02 දින මහරගම, අපේක්‍ෂා රෝහලේ ‘CCC House’ හිදී පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලදී.
අපේක්‍ෂා රෝහලේ ප්‍රතිකාර ලබන දරුවන්ගේ සහ ඔවුන්ගේ දෙමාපියන්ගේ මානසික සුවතාවය වැඩි දියුණු කිරීම සඳහා මෙම වැඩසටහන පවත්වන ලද අතර, එහිදී එම ළමුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාගයක් සහ තේ පැන් සංග්‍රහයක් පිරිනමන ලදී.
විජයබාහු පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනී දමයන්ති බණ්ඩාරනායක මහත්මියගේ මඟ පෙන්වීම යටතේ මෙම වැඩසටහන පවත්වනු ලැබීය.
මෙම වැඩසටහන සඳහා එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.