08th October 2025 11:25:07 Hours
ලෝක ළමා දිනය නිමිත්තෙන්, ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී අයේෂා ලියනගේ මහත්මියගේ මඟ පෙන්වීම යටතේ එම ශාඛාවේ සාමාජිකාවන් විසින්, ශ්‍රී ලංකා සංඥා බලකායේ රාජකාරි කරනු ලබන සාමාජිකයන්ගේ පාසල් අධ්‍යාපනය ලබන දරුවන්ගේ කැපී පෙනෙන අධ්‍යපන ජයග්‍රහණ ඇගයීම සඳහා ශිෂ්‍යත්ව ප්රදානය කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
එම වැඩසටහන සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා ප්‍රධාන සංඥා නිලධාරි සහ ශ්‍රී ලංකා සංඥා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ජී.එල්.එස්.ඩබ්ලිව් ලියනගේ USP nps psc සහභාගි විය.
එහිදී, 2024 වසරේදී 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන්, අ.පො.ස. (සා/පෙළ) විභාගයෙන් සහ අ.පො.ස. (උ/පෙළ) විභාගයෙන් විශිෂ්ට ලෙස සමත් වූ සිසුන්ගේ අධ්‍යපන ජයග්‍රහණ ඇගයීම සඳහා මූල්‍යමය පරිත්‍යාග, සහතිකපත් සහ පදක්කම් ප්රදානය කරන ලදී.
මෙම අවස්ථාවට එම බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් සහභාගි වූහ.