Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

08th October 2025 11:29:59 Hours

විරු කැකුළු පෙර පාසල් දරුවන් ලෝක ළමා දිනය සමරයි

පල්ලෙකැලේ, දියතලාව සහ පනාගොඩ ස්ථාපිත විරු කැකුළු පෙර පාසල්වල දරුවන් 2025 සැප්තැම්බර් මස 30 සහ ඔක්තෝබර් මස 01 යන දිනයන්හිදී ලෝක ළමා දිනය සැමරූහ.

පල්ලෙකැලේ පැවති උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ටී.සී.එම්.ජී.එස්.ටී කුරේ RWP RSP USP ndc psc සමඟින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකා ඩිලානි වික්‍රමසිංහ මහත්මිය ද සහභාගි වූහ. උත්සවයේ කටයුතු ආරම්භ කරමින් එම පෙර පාසලේ දරුවන් විසින් අඳින ලද චිත්‍ර ප්‍රදර්ශනය කරන ලද අතර, අනතුරුව එම දරුවන්ගේ නැටුම්, ගැයුම් වැනි නොයෙකුත් ක්‍රියාකාරකම් මගින් උත්සවය වඩාත් වර්ණවත් විය. පැමිණි ආරාධිත අමුත්තන් විසින් දරුවන් වෙත ත්‍යාග ප්‍රධානය කිරීමෙන් පසුව උත්සවයේ කටයුතු අවසන් කරන ලදී.

එමෙන්ම, දියතලාවේදී පැවති උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම ව්‍යාපෘති භාර නිලධාරි බ්‍රිගේඩියර් ඩී.ඩී.ඩී සේරසිංහ USP සහභාගි වූ අතර, එම වැඩසටහනේදී සංස්කෘතික අංග, ක්‍රීඩා සහ නිර්මාණාත්මක ක්‍රියාකාරකම් ඇතුළත් වූ අතර, එමඟින් දරුවන්ට නව අත්දැකීමක් ලබා දෙනු ලැබීය. මෙම වැඩසටහන අවසානයේදී එම දරුවන් වෙත ත්‍යාග ද බෙදාදෙනු ලැබීය.

ලෝක ළමා දිනය වෙනුවෙන් 2025 සැප්තැම්බර් මස 30 දින පනාගොඩ, ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවති සැමරුම් අවස්ථාව සඳහා ගජබා රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනී උදාරි උඩුගම මහත්මිය සහභාගී විය. එම වැඩසටහනේදී දරුවන් සඳහා නර්තනයන්, ගැයුම් සහ විවිධ විනෝදජනක ක්‍රියාකාරකම් පැවැත්වීය.

මැනිං ටවුන් විරු කැකුළු පෙර පාසලේ දරුවන් සඳහා 2025 සැප්තැම්බර් මස 29 දින ලෝක ළමා දින සැමරුම් උත්සවයක් පැවැත්විය.

මෙම වැඩසටහන සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ උප සභාපතිනී සහ විරු කැකුළු පෙර පාසල භාර ප්‍රධාන පාලිකා ලිලන්ති දොලගේ මහත්මිය සහභාගි වූවාය.

උත්සවයේ කටයුතු ආරම්භ කරමින් පෙර පාසල් දරුවෙකු විසින් පිළිගැනීමේ කථාව පවත්වන ලද අතර, ඉන් අනතුරුව විනෝදජනක ක්‍රීඩා සහ ක්‍රියාකාරකම් පැවැත්විණි. උත්සවය අතරතුරදී දරුවන් වෙත ත්‍යාග සහ රස කැවිලි බෙදා දෙන ලදී.

උත්සවයේ කටයුතු අවසන් කරමින් පෙර පාසල් දරුවෙකු විසින් ස්තූති කථාව පවත්වන ලද අතර, අනතුරුව, එම අවස්ථාවට සහභාගි වූ සියලු දෙනාම සමූහ ඡායාරූපයක් සඳහා පෙනී සිට තේ පැන් සංග්‍රහයක් සඳහාද එක් වූහ.