07th October 2025 12:33:29 Hours
ලෝක ළමා දිනය නිමිත්තෙන්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා සේවා වනිතා ශාඛාව විසින් 2025 ඔක්තෝබර් මස 01 දින හොරණ, ‘සුඛිත’ ළමා නිවාසයේ ළමුන් සඳහා පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලදී.
එම බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී ශිරානි නිර්මලීන් විජේකෝන් මහත්මියගේ මඟ පෙන්වීම යටතේ මෙම වැඩසටහන පවත්වනු ලැබීය.
ඒ අනුව, එම ළමා නිවාසයේ නේවාසික ළමුන් 43 දෙනෙකු සඳහා රාත්‍රී භෝජන සංග්‍රහයක් සහ කැලිප්සෝ සංගීත වැඩසටහනක් පැවැත්විය. එසේම, එම ළමා නිවාසය පිරිසිදු කිරීම සහ එම ළමා නිවසයට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම ද සිදුකරන ලදී.
මෙම අවස්ථාවට එම බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයින් සහභාගි වූහ.