05th October 2025 14:06:19 Hours
රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාව සහ 2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකාය එක්ව නාරාහේන්පිට, යුද්ධ හමුදා රෝහල සමඟ සහයෝගයෙන් 2025 සැප්තැම්බර් මස 29 දින අම්බලන්ගොඩ, කරන්දෙණිය ප්‍රදේශයේදී රුධිර පරිත්‍යාග වැඩසටහනක් පවත්වනු ලැබීය.
මෙම අවස්ථාවට එම බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී නිරෝෂිකා කරුණාපාල මහත්මිය ද සහභාගි වූවාය.
රුධිර පරිත්‍යාග වැඩසටහනනේදී පරිත්‍යාගශීලීන් 100 ක් පමණ තම රුධිරය පරිත්‍යාග කළ අතර, මෙම අවස්ථාවට එම බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.