Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

03rd October 2025 14:32:11 Hours

ලෝක ළමා දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා සේවා වනිතා ශාඛා‍වෙන් වැඩසටහනක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා සේවා වනිතා ශාඛාව විසින් 2025 සැප්තැම්බර් මස 27 දින පනාගොඩ, ගෘහස්ථ ක්‍රීඩාංගනයේ ලෝක ළමා දින සැමරුම් වැඩසටහනක් සංවිධානය කරන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී තුෂාරි අබේසිංහ මහත්මිය සහභාගි වූවාය.

එම වැඩසටහනේදී චිත්‍ර තරඟයක්, මැජික් සංදර්ශනයක්, යුද්ධ හමුදා තූර්ය වාදක සහ රංග කලා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සංගීත ප්‍රසංගයක් ඇතුළු විනෝදාත්මක ක්‍රියාකාරකම් රැසක් පැවැත්විණි.

එහිදී, එම දරුවන් වෙත රුපියල් 1000 ක වටිනාකමකින් යුතු ඉතිරි කිරීමේ බැංකු පොතක් පිරිනමන ලද අතර, උත්සවයේ කටයුතු අවසන් කරමින් තේ පැන් සංග්‍රහයක් ද පැවැත්විණි.

මෙම අවස්ථාවට යුද්ධ හමුදා පොදු සේවා බලකා සේවා වනිතා ශාඛවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ ළමුන් 100 කට වැඩි පිරිසක් සහභාගි වූහ.