03rd October 2025 14:33:43 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී එච්.ජී ස්වර්ණලතා මහත්මියගේ මඟ පෙන්වීම යටතේ එම බලකා සේවා වනිතා ශාඛාව විසින් 2025 ඔක්තෝබර් මස 01 දින පල්ලෙකැලේ ස්ථාපිත ‘රයිෆල් නිවහන’ නිවාඩු නිකේතනයේදී, එම බලකායේ නිලධාරින්ගේ සහ සෙසුනිලයන්ගේ දරුවන්ගේ සහභාගීත්වයෙන් ලෝක ළමා දිනය සමරනු ලැබීය..
එම වැඩසටහන අතරතුර, දරුවන් වෙත පාසල් උපකරණ පරිත්‍යාග කරන ලද අතර, උත්සව කටයුතු අවසානයේදී දරුවන් සඳහා විනෝදාස්වාද වැඩසටහනක් ද පවත්වනු ලැබීය..
මෙම අවස්ථාවට එම බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ ඔවුන්ගේ භාර්යාවන් සහභාගි වූහ..