03rd October 2025 14:28:37 Hours
පල්ලෙකැලේ විරු කැකුළු පෙර පාසලේ දරුවන් විසින් 2025 ඔක්තෝබර් මස 01 දින එම පෙර පාසල් පරිශ්‍රයේදී ලෝක ළමා දිනය සමරන ලදී.
උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ටී.සී.එම්.ජී.එස්.ටී කුරේ RWP RSP USP ndc psc සමඟින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකා ඩිලානි වික්‍රමසිංහ මහත්මිය ද සහභාගි වූහ.
උත්සවයේ කටයුතු ආරම්භ කරමින් එම පෙර පාසලේ දරුවන් විසින් අඳින ලද චිත්‍ර ප්‍රදර්ශනය කරන ලද අතර, අනතුරුව එම දරුවන්ගේ නැටුම්, ගැයුම් වැනි නොයෙකුත් ක්‍රියාකාරකම් මගින් උත්සවය වඩාත් වර්ණවත් විය. පැමිණි ආරාධිත අමුත්තන් විසින් දරුවන් වෙත ත්‍යාග ප්‍රධානය කිරීමෙන් පසුව උත්සවයේ කටයුතු අවසන් කරන ලදී.