03rd October 2025 14:30:48 Hours
2025 ඔක්තෝබර් මස 01 වන දිනට යෙදී තිබූ ලෝක ළමා දිනය වෙනුවෙන් ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච් බණ්ඩාරනායක USP ගේ මඟපෙන්වීම යටතේ දමයන්ති බණ්ඩාරනායක මහත්මියගේ අධීක්‍ෂණය යටතේ දියතලාව ‘විරු කැකුළු පෙර පාසල’ විසින් විශේෂ වැඩසටහනක් සංවිධානය කරන ලදී.
මෙම වැඩසටහන සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම ව්‍යාපෘති භාර නිලධාරි බ්‍රිගේඩියර් ඩී.ඩී.ඩී සේරසිංහ USP සහභාගි විය.
එම වැඩසටහනේදී සංස්කෘතික අංග, ක්‍රීඩා සහ නිර්මාණාත්මක ක්‍රියාකාරකම් ඇතුළත් වූ අතර, එමඟින් දරුවන්ට නව අත්දැකීමක් ලබා දෙනු ලැබීය. මෙම වැඩසටහන අවසානයේදී එම දරුවන් වෙත ත්‍යාග ද බෙදාදෙනු ලැබීය.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, ගුරුවරුන් සහ පෙර පාසල් දරුවන් සහභාගි වූහ.