02nd October 2025 15:46:53 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී නිරෝෂිකා කරුණාපාල මහත්මියගේ මඟ පෙන්වීම යටතේ එම බලකා සේවා වනිතා ශාඛාව 3 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ භටපිරිස් සමඟ එක්ව 2025 සැප්තැම්බර් මස 20 දින පාසල් පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
එහිදී පාසල් ළමුන් අට දෙනෙකු වෙත ත්‍යාග පාර්සල් ප්‍රධානය කරණු ලැබුණි. එම උත්සවයෙන් පසු, සියලුම සේවා වනිතා සාමාජිකාවන් විසින් ජපන් ජබර ව්‍යාපෘතිය නිරීක්‍ෂණය කරන ලදී. මෙම අවස්ථාවට එම බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.