Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

02nd October 2025 15:39:42 Hours

සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාවෙන් රුධිර පරිත්‍යාග වැඩසටහනක්

යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී ඉල්මා මජීඩ් මහත්මියගේ මඟ පෙන්වීම යටතේ එම බලකා සේවා වනිතා ශාඛාව විසින් 2025 සැප්තැම්බර් මස 25 දින මින්නේරිය යුද්ධ හමුදා මූලික රෝහලේ දී රුධිර පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලදී. එහිදී පරිත්‍යාගශීලීන් 120 දෙනෙකුට වැඩි පිරිසක් සිය රුධිරය පරිත්‍යාග කළහ.

මෙම වැඩසටහන සඳහා යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ටී.එන්. මජීඩ් RSP USP ndc Isc, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.