Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

02nd October 2025 15:42:54 Hours

අභිමන්සල II රණවිරුවන්ව කොමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සමාජිකාවන් විසින් පිළිගනී

කඹුරුපිටිය අභිමන්සල II රණවිරුවන්ගේ වාර්ෂික සංචාරය වෙනුවෙන් 2025 සැප්තැම්බර් මස 14 දින ගනේමුල්ලේ කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත පැමිණි අතර, එහිදී කොමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සමාජිකාවන් විසින් එම රණවිරුවනව පිළිගන්නා ලදී.

කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත පැමිණි එම රණවිරුවන්ව ප්‍රථමයෙන් එම සේවා වනිතා ශාඛාවේ සභාපතිනි සමින්දි වික්‍රමරත්න මහත්මිය විසින් පිළිගත් අතර, අනතුරුව එම රණවිරුවන් සඳහා තේපැන් සංග්‍රහයක් පැවැත් විය.පසුව ඔවුන් වෙත අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අතුළත් ඇසුරුම් පිරිනමන ලදී.

මෙම අවස්ථාවට එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසු නිලයන් සහභාගි වූහ.