02nd October 2025 15:29:22 Hours
76 වන යුද්ධ හමුදා සංවත්සරයට සහ ලෝක ළමා දිනයට සමගාමීව, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් 2025 සැප්තැම්බර් මස 30 දින පමුණුගම, සුරස බාලිකා ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ නේවාසික දරුවන් සඳහා සංගීත සැදෑවක් සහ ත්‍යාග ප්‍රදානෝත්සවයක් සංවිධානය කරන ලදී.
උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සමඟින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ස්වෙන්ද්‍රිනි දිසානායක මහත්මිය ද සහභාගි විය.
උත්සව අවස්ථාවට පැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්ව සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනියව එම මධ්‍යස්ථානයේ දරුවන් දෙදෙනෙකු විසින් පිළිගන්නා ලද අතර, අනතුරුව පැවති සංගීත ප්‍රසංගයෙන් වැඩසටහනේ කටයුතු ආරම්භ විය. පසුව, 4ever Skin Naturals පුද්ගලික සමාගමේ අනුග්‍රාහකත්වයෙන් නේවාසික දරු දැරියන් සඳහා නිල ඇඳුම් රෙදි සහ රූපලාවන්‍ය ද්‍රව්‍ය ඇතුළත් ත්‍යාග පාර්සල් පිරිනමනු ලැබීය. එසේම, එම මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලයේ සේවය අගය කිරීමක් ලෙස අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අඩංගු ත්‍යාග පාර්සල් ද බෙදා දෙන ලදී.
පසුව, යුද්ධ හමුදාධිපතිතුමන් සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය එම මධ්‍යස්ථානයේ දරුවන් සමඟින් සමූහ ඡායාරූපයක් සඳහා පෙනී සිටි අතර, උත්සවයේ කටයුතු අවසන් කරමින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් දරුවන් සඳහා රාත්‍රී භෝජන සංග්‍රහයක් පිරිනැමීය.
මෙම අවස්ථාවට යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.